26.4 C
Galle

හිරුණිකාට ඇප

Published:

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (22) නියෝග කළේය.

රුපියල් 50,000.00ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට ඇප ලබා දුන් අතර ඇගේ විදෙස්ගමන් තහනම් කිරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට ඇය වරදකාරිය කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!