26.4 C
Galle

ජනාධිපතිගේ ධූර කාල සංශෝධනය, 26 දා විවාදයට ගනී ද ?

Published:

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ  කාර්ය  මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න කියාසිටියේ එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවාද නැද්ද යන්න සභානායකවරයාගේ තීරණයක් බවයි.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 18 වැනිදා නිකුත් කෙරිණි. එම ගැසට් නිවේදනය නිකුත් කර දින 07  එය  පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ.

ඒ අනුව  පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ආසන්නතම දිනය ලබන 26  සිකුරාදා බවද නියෝජ්‍ය මහලේකම්වරයා කීවේය.

ජනාධිපතිවරයාගේ ධූර කාලය හයේ  සිට පහක් දක්වා අඩු කිරීමට  විසි දෙවැනි  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්  ප්‍රතිපාදන සැලසේ.

Related articles

Recent articles

error: Content is protected !!