27 C
Galle

ආපදා වන්දි දෙන්න කැබිනට් අනුමැතිය

Published:

පසුගිය මැයි මාසයේ, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානිවූ නිවාස ඉදිකිරීම සහ අළුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් 2024-05-15 සිට දිවයිනේ ඇතිවූ ආපදා තත්ත්වයන්ගන් පවුල් 120, 215ක පුද්ගලයන් 454, 625ක් පීඩාවට පත්වී ඇති අතර පූර්ණ නිවාස හානි 172ක් සහ අර්ධ නිවාස හානි 20, 075ක් වාර්තා වී තිබේ.

ඒ අනුව නිවාස පූර්ණ හානි සඳහා එම ස්ථානයේම හෝ වෙනත් සුරක්ෂිත ස්ථානයක නිවාස ඉදිකර දීමටත් අර්ධ නිවාස හානි සඳහා වන්දි ලබා දීමටත් අනුමැතිය ලැබී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!