26.3 C
Galle

භික්ෂුවක්, කාර් පදිද්දී අත්අඩංගුවට

Published:

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව කාරයක් පදවමින් සිටි බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන  46 හැවිරිදි අයෙකි.

මහනුවර සිට කුලියාපිටිය සඳානෙගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයකට මෝටර් රථය පදවාගෙන යද්දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

හිමිනම පොලිසියට පවසා ඇත්තේ රියදුරා වෙනත් රාජකාරියකට යාම හේතුවෙන් තමන්ම මෝටර් රථය පැදවූ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!