26.8 C
Galle

මහ මැතිවරණයටත්, නව පාර්ලිමේන්තු රැස්වීමටත් දින නියම කරයි

Published:

මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වෙන බව අද (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීෆම් ගැසට් නිවේදනය නිකුත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර තිබේ.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිිමේන්තු මන්ත්‍රීවරු තෝරාපත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරගැනීමේ කාල සීමාව ඔක්තෝබර් මස 04 සිට 11 වැනි දා දහවල් 12.00 දක්වා සිදුකරන බවයි. මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනි දින පවත්වා නොවැම්බර් මස 21 වැනි දින නව පාර්ලිමේන්තුව රැස්වන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!