26.8 C
Galle

ජනපති අනුර, රටේ තත්වය ගැන මහබැංකු අධිපති සමඟ සාකච්ඡා කරයි

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර ඊයේ (24) විශේෂ  සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ රටේ ආර්ථිකයට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.

Related articles

Recent articles

error: Content is protected !!