28.2 C
Galle

හබරණ දී ගිනිගත් කැබ් රථයේ, මළ සිරුරක්

Published:

හබරණ වනාන්තරය මැදින් දිවෙන හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 38 කණුව ආසන්නයේ ගිනිගෙන තිබූ කැබ් රථයේ පුද්ගල මළ සිරුරක් තිබූ බව මින්නේරිය පොලිසිය පවසයි.

ඊයේ (25) රාත්‍රී මාර්ගයේ ගමන්ගත් පුද්ගලයකු යමක් ගිනිගන්නා බවට මින්නේරිය පොලිසියට දැනුම් දීමෙන් පසු එම කැබ් රථය පොලිසිය විසින් සොයාගෙන ඇත.

රථය පරීක්ෂා කිරීමේ දී එහි මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් තිබූ බවත් කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් බවත් පොලිිසය පවසයි.

කිසියම් ඝාතනයක් සිදු‍කර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර රථයේ තබා රථයට ගිනි තබා ඇත්ද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කෙසේ වෙතත් කැබ් රථය ආසන්නයේ වෙනත් පුද්ගලයකු සිටි බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!