පේරාදෙණිය සහ සරසවි උයන දුම්රියස්ථාන අතර ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඇති කළු පාලම නැවත භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව ඇති බැවින් එම ස්ථානයේ නව දුම්රිය පාලමක් ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය කියා සිටියේ එම පාලමේ ඇල වී ඇති කොටස ප්‍රතිසංස්කරණය කළ හැකි ආකාරය පිළිබඳ සඳුදා (08) තීරණය කරන බවයි.
“මෙම ස්ථානයේ අපිට නව පාලමක් ඉදිකරන්න වේවි. අපි සැළසුම් කර තිබෙන්නේ ද්විත්ව මාර්ගයක් ලෙස සෑදීමට. මේ පාලම තාවකාලිකව නඩත්තු කිරීම එතරම් සුදුසු නැති තත්වයක තමයි තියෙන්නේ.”


