මහවැලිය පිටාර ගැලීම හේතුවෙන් සෙරුනුවර පොලිස් වසමට අයත් නීලපොල සහ දෙහිවත්ත හන්දිය අතර ප්‍රධාන මාර්ගයේ කොටසක් අද ගැලවී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
කින්නියා, මුතූර්, කිලිවෙඩ්ඩි ප්‍රදේශවලට ජලය සපයන නීලපොළ පොම්පාගාරයට ඇති ගොඩබිම් මාර්ගය මෙලෙස කැඩී යාම හේතුවෙන් ජලය ගෙන යන නල මාර්ගය ද දැඩි අවදානමකට ලක්ව ඇත.
දිට්වා සුළි කුණාටුවත් සමඟ හානි සිද වූ මෙම මාර්ගයට ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව වැලි ගොනි දමා තාවකාලිකව පිළියම් යොදා තිබිණි. නමුත් මහවැලි ගඟේ ජල මට්ටම යළි ඉහළ යාම හේතුවෙන් මේ මාර්ගය කැඩී ගොස් ඇත.


