අම්බලන්තොට කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේ සිදු වූ බස් රථ දෙකක් අතර මුහුණට මුහුණ ගැටීමකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස්, තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ කොළඹ සිට කතරගම බලා ගමන් කරමින් සිටි ලංගම බස් රථයක්, තිස්සමහාරාම සිට කරාපිටිය බලා ගමන් කළ තවත් ලංගම බස් රථයක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූවන් වහාම රෝහල් ගතකර ඇති අතර, කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
අනතුර සිදුවීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.


