කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 36,120ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3945ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 376ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,264ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 675
- කොමර්ෂල් බැංකුව මිලියන 252
- ඒන් ටී බී බැංකුව මිලියන 241
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් කොටස් මිලියන 37
- සිලෝන් ලෑන්ඩ් ආර් සමාගම කොටස් මිලියන 29
- සොෆ්ට් ලොජික් කැපිටල් කොටස් මිලියන 12
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මර්චන්ට් ශිපින් 9%
- ඩර්ඩන්ස් හොස්පිටල් 8%
- ආර්පිකෝ ඉංෂුවරන්ස් සමාගම 7%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 310
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 123ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 352ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 229ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 28
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 09
- ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 07
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 174
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 37
- ආසිරි හොස්පිටල්ස් සමාගම රුපියල් මිලියන 24
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


