27 C
Galle

යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය

Published:

දියාගෝ ගාර්ෂියා නාවික හා ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරමින් සිදු වූ ප්‍රහාරයත් සමඟ ඉරානය, ඇමරිකාව සහ ඉස්රායෙල් අතර පවතින ගැටුම නව අදියරකට පිවිස ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙ.

ඉන්දීය මහ සාගරයේ පිහිටි මෙම කඳවුර ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව භාවිතා කරන ලෝකයේ වැදගත්ම යුධ මධ්‍යස්ථාන අතරින් එකක් වන අතර, මැදපෙරදිග සහ ආසියානු කලාපවල හමුදා මෙහෙයුම් සඳහා ප්‍රධාන කේන්ද්‍රයක් ලෙස සැලකේ. එම කඳවුර ඉලක්ක කරමින් ඉරානය විසින් මිසයිල් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වන අතර, එය තම රටට එරෙහිව සිදුකරන ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස ක්‍රියාත්මක කළ බව ඉරානය පවසයි.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය විසින් ඇමරිකාවට තම කඳවුරු භාවිතා කිරීමට ඉඩ ලබාදීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය මෙම ප්‍රහාරයට හේතුවක් වූ බවද සඳහන් වේ.

දියාගෝ ගාර්ෂියා වැනි දුරස්ථ හමුදා මධ්‍යස්ථානයක් ඉලක්ක කිරීමෙන්, මෙතෙක් මැදපෙරදිගට සීමා වූ ගැටුම දැන් ඉන්දීය මහසාගරය දක්වා විහිදී ඇති බව පැහැදිළි වන අතර, එය ජාත්‍යන්තර ආරක්ෂාවට නව අභියෝගයක් ලෙස ද සැලකේ.

මේ අතර ඇමරිකාව සහ ඊස්‍රායලය විසින් ඉරානය ඉලක්ක කරමින් සිදු කරන ගුවන් ප්‍රහාර මාලාව තවදුරටත් තීව්‍ර වී ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ වැදගත් මධ්‍යස්ථානයක් වන Natanz Nuclear Facility ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ප්‍රහාරයෙන් පසු කිසිදු විකිරණ කාන්දු වීමක් හෝ ආසන්න ජනතාවට අවදානමක් නොමැති බවයි.

යුධමය තත්ත්වය තවදුරටත් උණුසුම් වුවහොත් ගෝලීය මට්ටමේ ගැටුමක් බවට පත්වීමේ අවදානමක් පවතින බවට විශ්ලේෂකයින් අනතුරු අඟවයි. එබැවින් දියාගෝ ගාර්ෂියා කඳවුර ඉලක්ක කරමින් සිදු වූ මෙම ප්‍රහාරය, දැනට පවතින ගැටුම සීමා රහිතව ව්‍යාප්ත විය හැකි බවට පැහැදිලි සංඥාවක් ලෙස සැලකිය .

Related articles

Recent articles

error: Content is protected !!