28.8 C
Galle

පැය 8කට ආසන්න “ගමනක් නැති ගමනක්”

Published:

ඉන්දියාවේ දිල්ලියෙන් කැනඩාවේ වෑන්කූවර් නගරය බලා පිටත්ව ගිය Air India ගුවන් යානයක්, නියාමන අනුමැතිය වීම හේතුවෙන් පැය 8කට ආසන්න කාලයක් ගුවන්ගතව සිටීමෙන් අනතුරුව නැවත දිල්ලියටම පැමිණ තිබේ.

AI185 ලෙස නම් කර තිබූ මෙම ගුවන් යානය ඊයේ පෙරවරු 11.34ට දිල්ලියෙන් පිටත්ව ගොස්, මුලින්ම නැගෙනහිර දිශාවට ගමන් ආරම්භ කළේය. එහෙත් පැය හතරකට ආසන්න කාලයක් ගත වූ පසු, චීනයේ කුන්මින් ප්‍රදේශය අසල ගුවන් කලාපයට ඇතුල් වන අවස්ථාවේදී, එම ගුවන් යානයට කැනඩාවට ඇතුල් වීමට අවශ්‍ය නියාමන අනුමැතිය නොමැති බව ගුවන් සමාගම හඳුනාගෙන ඇත.

ඒ අනුව, ගමන නවතා ගුවන් යානය ආපසු හැරවීමට තීරණය කර ඇති අතර, මුළු ගුවන් ගමන් කාලය පැය 7යි මිනිත්තු 54ක් වූ පසු නැවත දිල්ලියටම ගොඩබැස තිබේ.

මෙම ගුවන් යානය Boeing 777-200LR වර්ගයට අයත් වූ අතර, වර්තමානයේ කැනඩාව වෙත සේවාවන් සඳහා Air India සමාගමට අනුමත වී ඇත්තේ Boeing 777-300ER වර්ගයේ ගුවන් යානා පමණි.

ගුවන් සේවා අනුමත කිරීමේ ක්‍රියාවලිය රටවලින් රටවලට වෙනස් වන අතර, සමහර අවස්ථාවල එය සම්පූර්ණ ගුවන් සමාගමකටම අදාළ විය හැකි අතර, තවත් අවස්ථාවලදී ගුවන් යානා වර්ගය හෝ නියමිත ගුවන් යානයක් අනුව සීමා කරනු ලබයි.

මෙම සිද්ධිය හේතුවෙන් ගුවන් මගීන්ට විශාල අපහසුතාවයක් සිදුව ඇති අතර, ගුවන් සමාගම විසින් සිදුවූ දෝෂය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!