28.8 C
Galle

බලපත්‍ර රහිත ඩීසල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Published:

පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී බලපත්‍ර රහිතව ඩීසල් ලීටර් 2,200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හුංගම පොලිසිය සඳහන් කළේ, අදාළ ඩීසල් තොගය බැරල් 11ක ගබඩා කර තිබූ බවයි. මෙම වැටලීම ඊයේ (21) සවස අම්බලන්තොට පොලිසි වසමට අයත් මාමඩල ප්‍රදේශයේදී සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 80ක් වන අතර, ඔහු ජනාසාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඔහු අම්බලන්තොට පොලිසිය වෙත භාර දී ඇති අතර, වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

පොලිසිය අවධාරණය කරන්නේ, බලපත්‍ර රහිතව ඉන්ධන සන්තකයේ තබා ගැනීම හා ගබඩා කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර, එවැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව තවදුරටත් දැඩි ලෙස ක්‍රියාකරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!