31.6 C
Galle

බේකරි නිෂ්පාදන මිල සංශෝධනයට තීරණයක්

Published:

පවතින ආර්ථික තත්ත්වය හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමනවාද නැද්ද යන්න පිළිබඳව අද (23) තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සකස් කිරීමේ සිට වෙළඳපොළට බෙදාහැරීම දක්වා සියලු ක්‍රියාවලීන් සඳහා ඉන්ධනය අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි. ඒ හේතුවෙන් වියදම් වැඩිවීම කර්මාන්තය පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය මත බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනයක් සිදුකිරීමට සිදුවිය හැකි අතර, ඒ පිළිබඳ අවසන් තීරණය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!