28.8 C
Galle

ආසියානු සංවර්ධන බැංකු සභාපති ලංකාවට එයි

Published:

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

අද දින පස්වරුවේ ඔහු කොළඹ වරාය පාලක මැදිරිය නිරීක්ෂණය කිරීම සඳහා එක්වීමට නියමිතව තිබූ අතර, එම අවස්ථාවට සමගාමීව පුද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ විශේෂ මධ්‍යහන භෝජන සමුළුවකටද සහභාගී වීමට නියමිතව තිබිණි.

අද දිනයේදී ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයකට සහ කාර්ය මණ්ඩල හමුවකට ද එක්වීමට සැලසුම් කර තිබේ.

හෙට (24) දිනයේදී කන්ඩා මහතා දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නාරංගල සහ අඹලන්කන්ද ප්‍රදේශ නිරීක්ෂණය කර, සිදුවූ හානිය සම්බන්ධයෙන් ඇගයීමක් සිදු කිරීමට නියමිතය.

ඔහු හෙට දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

සංචාරය අවසන් කරමින් මසාටෝ කන්ඩා මහතා මාර්තු 25 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!