28.8 C
Galle

හෙට හැඳුනුම්පත් ගන්න එන්න එපා

Published:

පද්ධති බිඳවැටීමක් (System Failure) හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සියලුම මහජන සේවාවන් හෙට (24) දින තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මෙම තීරණය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාල සඳහාම බලපැවැත්වෙන බව සඳහන් වේ.

ඒ අනුව, හෙට දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් ක්‍රියාත්මක නොවන බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂය නිරාකරණය කරන තෙක් මෙම තාවකාලික අත්හිටුවීම ක්‍රියාත්මක වන අතර, සේවාවන් යළි ආරම්භ කරන දිනය පිළිබඳව පසුව දැනුම් දෙන බව ද සඳහන් වේ.

මෙම තත්ත්වය හමුවේ, හෙට දින සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වූ මහජනතාව වෙනත් දිනයක පැමිණීමට කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related articles

Recent articles

error: Content is protected !!