කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 2874ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,371ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 274ක් ඉහල යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,364ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 226
- හේලීස් 141
- කොමර්ෂල් බැංකුව මිලියන 126
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් කොටස් මිලියන 12
- එල් වී එල් එනර්ජි සමාගම කොටස් මිලියන 09
- එස් එන් බී ලීසින් කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එන් බී ලීසිං එක්ස් 50%
- ග්‍රීන් ටෙක් එනර්ජි 16%
- එස් එන් බී ලීසිං සමාගම 14%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 320
කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 312
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 311
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 50ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 168ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 118ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 17
- වින් ෆෝර්ස් රුපියල් මිලියන 07
- අම්බන් කැපිටල් රුපියල් මිලියන 06
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 51
- සිංගර් ශ්‍රි ලංකා සමාගම රුපියල් මිලියන 32
- ඩයලෝග් ආසියාටා සමාගම රුපියල් මිලියන 23
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


