ලෝක කාළගුණ විද්‍යා සංවිධානය (WMO) පවසන්නේ පෘථිවියේ කාලගුණ තත්ත්වය ඉතිහාසයේ කවදාත් වඩා අසමතුලිත තත්ත්වයකට පත්ව ඇති බවයි.
State of the Global Climate 2025 වාර්තාව අනුව, 2015 සිට 2025 දක්වා කාලය වාර්තාගත උණුසුම්ම වසර 11ක් ලෙස හඳුනාගෙන ඇත. 2025 වසරද සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.43කින් වැඩි උෂ්ණත්වයක් සහිතව ඉහළම වසර අතරට එක්ව තිබේ.
මෙම උෂ්ණත්ව ඉහළ යාම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්ව, අධික වැසි සහ සුළි කුණාටු වැනි අයහපත් කාලගුණික තත්ත්ව ලොව පුරා වැඩිවී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම මුහුදු ජලය උණුසුම් වීම, හිම දියවීම සහ ආර්ක්ටික් හා ඇන්ටාර්ක්ටික් ප්‍රදේශවල හිම මට්ටම් අඩුවීමද සිදුවෙමින් පවතියි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් පැවසුවේ, මෙය “අනතුරුදායක තත්ත්වයක්” බවත්, ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.
මෙම තත්ත්වය හමුවේ, ලෝකය මුහුණ දෙන කාලගුණික අභියෝග අවම කර ගැනීමට වහාම ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව විද්වත්හු පෙන්වා දෙති.


