26.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ ඉහලට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 37,994ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,217ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 706ක් ඉහල යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,071ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 497
  • සොෆ්ට් ලොජික් කැපිටල් මිලියන226
  • ඇක්මී සමාගම මිලියන 175

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇක්මී සමාගම කොටස් මිලියන 42
  • ජෝන් කීල්ස් සමාගම  කොටස් මිලියන 26
  • සොෆ්ට් ලොජික් කැපිටල් කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කර්නර් හවුස් සමාගම 25%
  • රේනුක ෆුඩ්ස් 20%
  • රේනුක ෆුඩ්ස් එක්ස් සමාගම 18%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 330
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 328
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 313

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 47ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 661ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 614ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 10
  • එන්ටීබී රුපියල් මිලියන 07
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 299
  • මෙල්ස්ටා ක්‍රොප් සමාගම  රුපියල් මිලියන 134
  • ඩයලෝග් ආසියාටා සමාගම රුපියල් මිලියන 51

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ  

Related articles

Recent articles

error: Content is protected !!