28.9 C
Galle

පුලිදෙ පරිගණක පද්ධතිය යළි බිඳවැටෙයි

Published:

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පරිගණක දත්ත පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල සිදුකරන ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් අද (27) සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

ඊයේ (26) පස්වරු 1.30 සිට මෙම පද්ධති බිඳවැටීම සිදුව ඇති අතර, ඒ හේතුවෙන් එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගිය 23 වනදා ද මෙම පරිගණක පද්ධතිය මෙලෙසම බිඳවැටීමකට ලක්වූ අතර, කෙටි කලකින් එය යථා තත්ත්වයට පත් කෙරිණි. එහෙත් ඊයේ දින නැවතත් ඇති වූ මෙම කාර්මික දෝෂය හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කර සිටියි.

දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම සේවාවන් නැවත ආරම්භ කරන දිනය පිළිබඳව මහජනතාව දැනුවත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!