කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 23,815ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,571ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,066ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 1492
- ටෝකියෝ සිමෙන්ති සමාගම මිලියන 271
- සම්පත් බැංකුව මිලියන 218
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 83
- එස් එන් බී ලීසින් සමාගම කොටස් මිලියන 28
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කර්නර් හෝස් සමාගම 14%
- ටාජ් ලංකා හෝටලය 07%
- පැරගන් සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 333
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 325
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 320
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 40ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 165ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 125ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් රුපියල් මිලියන 08
- ඩී එෆ් සී සී රුපියල් මිලියන 06
- යූනියන් ඇෂුවරන්ස් සමාගම මිලියන 05
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 63
- සී ටී හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 37
- කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 27
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


