ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ගාල් කර තිබූ දුම්රිය මැදිරි කිහිපයක අද හදිසි ගින්නක් හටගෙන තිබේ. දුම්රිය ස්ථානය අසල භාවිතයෙන් ඉවත් කර පසෙක නවතා තිබූ මැදිරි පහකින් දෙකක් මෙම ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්න හටගත් වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ හමුදාව එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ හානි සිදුව නොමැත. කෙසේ වෙතත් ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගාල්ල පොලිසිය සහ දුම්රිය බලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


