25.6 C
Galle

මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

Published:

මීතොටමුල්ල “පොතුවිල් කුඹුර” නමැති භූමියට නීතියට පටහැනි ලෙස කසළ බැහැර කිරීම මඟින් කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා (31) තීන්දු කළේය.

නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරන ලදී.

අයිතිවාසිකම් උල්ලංඝනය වීම තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අදාළ භූමියට නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති ‘නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ’ අයිතිය උල්ලංඝනය වී ඇති බවයි. 2017 වසරේ සිදු වූ මහා ඛේදවාචකයට මෙම නීති විරෝධී ක්‍රියාව සෘජුවම බලපෑ බව ද අධිකරණය නිරීක්ෂණය කළේය.

වගකිවයුතු ආයතන මෙම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පහත ආයතන වගකිව යුතු බව අධිකරණය තීන්දු කළේය:

  • කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව: නීතියට පටහැනි ලෙස කසළ බැහැර කිරීම.
  • නාගරික සංවර්ධන අධිකාරිය: අදාළ භූමිය කසළ බැහැර කිරීම සඳහා අවසර ලබා දීම.
  • බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරිය: සිය ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම.

වගඋත්තරකාර පාර්ශ්වයන් විසින් මේ වන විටත් රුපියල් 908,314,020.70 ක මුදලක් වින්දිතයන් වෙත වන්දි වශයෙන් ගෙවා ඇති බැවින්, මෙම නඩුකරයට අදාළව අතිරේක වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය මෙහිදී නියෝග කළේ නැත.

අධිකරණයේ අවවාදය වගඋත්තරකරුවන්ගේ අසාර්ථක ක්‍රියාකලාපය හේතුවෙන් මෙවැනි බරපතල තත්ත්වයක් උද්ගත වූ බවත්, ඒ පිළිබඳව ඔවුන් පසුතැවිලි විය යුතු බවත් අධිකරණය අවධාරණය කළේය. මින් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට බලධාරීන් වගබලා ගත යුතු බව ද එහිදී ප්‍රකාශ විය.

කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුවේ 116 වන පරිච්ඡේදයේ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉදිරිපත් කළ ඇතැම් නිරීක්ෂණයන් පිළිබඳව තමන් එකඟ නොවන බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සිය තීන්දුවේ සඳහන් කර තිබීම විශේෂත්වයකි.බා දී ඇත්නම්, මෙම වන්දි මුදල ගණනය කිරීමේදී ඒවා සැලකිල්ලට ගත හැකි බවද අධිකරණය ප්‍රකාශ කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම පෙත්සම් විභාගයේදී වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහා නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබුණි. මෙම තීන්දුව මෙරට පාරිසරික නීතියේ සහ මහජන ආරක්ෂාව පිළිබඳ වගකීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!