28.3 C
Galle

අභාවප්‍රාප්ත, මාධ්‍යවේදී භක්ති මෙන්ඩිස්ගේ අවසන් කටයුතු සඳුදා

Published:

රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ඊයේ (03) අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 47 වැනි වියේ පසුවිය.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස් මහතාගේ පුත්‍රයෙකු වූ භක්ති මෙන්ඩිස් මහතා, සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ 2000 වසරේදී ‘ලක්බිම’ දිනපතා පුවත්පතේ ආරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙසිනි. පසුව ඔහු ‘දිනමිණ’ සහ ‘රිවිර’ පුවත්පත්වල ද සිය වෘත්තීය දායකත්වය ලබා දෙමින් පුවත්පත් කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

ගාල්ලේ උපත ලැබූ ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉමේෂා ධර්මසේන මහත්මියගේ ආදරණීය සැමියා වූ ඒ මහතා, දීමත් තේජකගේ පියාණන් ද වේ.

දේහය අද (04) පස්වරුවේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්ත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (06) පස්වරු 5.00 ට ගාල්ල දඩල්ල සුසාන භුමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!