29.3 C
Galle

අද කොටස් වෙළඳපළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (07)දිනයේ ගනුදෙනු 19,617ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,877ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 94ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,032ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 455
  • හැටන් නැෂනල් බැංකුව එක්ස් රුපියල් මිලියන 178
  • හැටන් නැෂනල් බැංකුව මිලියන 99

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇක්මී සමාගම කොටස් මිලියන 07
  • එන් ඩී බී බැංකුව  කොටස් මිලියන 04
  • ගෝල් ෆේස් කැපිටල් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ආර්පිකෝ ඉංෂුවරන්ස් සමාගම 13%
  • සෙරන්ඩිබ් හොටෙල්ස් 09%
  • හුන්නස් ෆෝල්ස් හෝටලය 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 327
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 325
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 322

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 45ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 339ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 294ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 02
  • ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 01
  • විදු ලංකා මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 219
  • ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 33
  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!