29.3 C
Galle

අවුරුදු සමයට හිඟයකින් තොරව වැඩි මිලට ගෑස්

Published:

එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලාෆ්ස් (Laugfs) ගෑස් පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව ගෑස් ලබාදීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

ලාෆ්ස් ගෑස් සමාගම විසින් මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් 06 වැනිදා ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණි අතර, එම තොගය ගොඩබෑමෙන් අනතුරුව දිවයින පුරා පවතින බෙදා හැරීමේ ජාලය හරහා අද සිට ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කෙරේ. උත්සව සමය තුළ පාරිභෝගිකයින් මුහුණ දුන් ගෑස් හිඟය මඟහරවා ගැනීමට මෙමගින් හැකි වනු ඇතැයි පාරිභෝගික අධිකාරිය විශ්වාසය පළ කරයි.

ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් වුවද, පසුගිය අප්‍රේල් 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ මිල සංශෝධනයට අනුව පාරිභෝගිකයින්ට නව මිල ගණන් යටතේ ගෑස් මිලදී ගැනීමට සිදුවේ. ඒ අනුව,

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 1,070 කින් වැඩිවූ අතර එහි නව මිල රුපියල් 5,700කි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 418.00කින් මිල වැඩිවූ අතර එහි නව මිල රුපියල් 2,280කි.

ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වයන් මත මෙම මිල සංශෝධනය සිදු කර ඇති අතර, අද සිට දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා මෙම නව මිල ගණන් යටතේ ගෑස් ලබාගත හැකිය.

Related articles

Recent articles

error: Content is protected !!