28 C
Galle

සටන් විරාමය මැද කොටස් වෙළඳපළ ඉහලට

Published:

මැද පෙරදිග කළාපයේ ඇමරිකාව සහ ඉරානය අතර ඇතිවී ඇති සටන් විරාම එකඟතාව හේතුවෙන් සහ හෝර්මෝස් සමූද්‍ර සංධිය විවෘත වීමේ බලාපොරොත්තු මත කොළඹ කොටස් වෙළඳපළ කොටස් මිල දර්ශකය අද (08) විශාල ලෙස ඉහල ගියේය.

කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 42,272ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,613ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 85ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,917ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 820
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 457
  • සිංගර් ශ්‍රී ලංකා මිලියන 383

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇක්මී සමාගම කොටස් මිලියන 26
  • ජෝන් කීල්ස්  කොටස් මිලියන 23
  • සොෆ්ට් ලොජික් කැපිටල් මිලියන 21

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කප්රුක සමාගම 23%
  • එච් වී ඒ ෆුඩ් 20%
  • සතොස මෝටර්ස් 20%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 348
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 341
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 327

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 150ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 762ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 612ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ලංකා අයි ඕ සී සමාගම රුපියල් මිලියන 140
  • මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 393
  • පික්මී සමාගම රුපියල් මිලියන 80
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 76

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!