කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 24,404ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,965ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,744ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 263
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 237
- ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 226
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච් වී ඒ ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 18
- ඇක්මී කොටස් මිලියන 15
- ජෝන් කීල්ස් කැපිටල් මිලියන 13
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එච් එන් බී ලීසින් එක්ස් සමාගම 50%
- සොෆ්ට් ලොජික් සමාගම 13%
- ෆාම් ගාර්ඩ්න් මෝටර්ස් 09%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 345
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 341
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 329
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 128ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 349ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 221ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 88
- විදු ලංකා සමාගම රුපියල් මිලියන 02
- මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 231
- සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 28
- ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


