අද (10) දින කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අතර ජෝන් කීල්ස් සමාගමේ වත්කම් පෙර දිනයට සාපේක්ෂව රුපියල් බිලියන 10කින් වැඩිවූ අතර අද දින ගනුදෙනු අවසානයේ ජෝන් කීල්ස් සමාගමේ සමස්ථ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 355 ඉක්මවීය.
කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු 37,055ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,016ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 284ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,128ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 452
- සිලෝන් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 409
- කොමර්ෂල් බෑන්ක් එක්ස් රුපියල් මිලියන 255
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සිලෝන් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 39
- සිට්‍රස් හික්කඩුව කොටස් මිලියන 37
- ජෝන් කීල්ස් මිලියන 22
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 25%
- සිට්‍රස් හික්කඩුව සමාගම 24%
- සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගම 14%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 355
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 342
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 329
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 200ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 270ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 70ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 100
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 44
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 30
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 188
- හේලීස් ෆැබ්‍රික් සමාගම රුපියල් මිලියන 42
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


