33.6 C
Galle

අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්

Published:

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ ශරීරයෙන් පිටවූ මළපහ සමඟ කොකේන් ග්‍රෑම් 80.9ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදී ඊයේ (16) මෙම කොකේන් තොගය සොයාගත් බවයි. සැකකරුවන්ගේ ශරීර තුළ මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටින්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා ලබාගත් අධිකරණ නියෝගයක් මත මෙම වෛද්‍ය පරීක්ෂණ සිදුකර තිබේ.

මෙම කාන්තාව ඇතුළු විදේශීය ජාතිකයන් සිව්දෙනකු පසුගිය ඔක්තෝබර් 12 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් සහ වෙළෙඳ සංකීර්ණයක් ආශ්‍රිතව සිදුකළ පොලිස් වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සිව්දෙනාම ජැමෙයිකානු ජාතිකයන් වන අතර, ඔවුන් අතර වයස අවුරුදු 23 සහ 48 වන පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ වයස අවුරුදු 43 සහ 52 වන කාන්තාවන් දෙදෙනකු සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

වැටලීමේදී කොකේන් තොගයක් ද සොයාගෙන ඇති අතර, පසුව සැකකරුවන් සිව්දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔක්තෝබර් 19 වැනිදා දක්වා දින හතක රැඳවුම් නියෝග ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ජාවාරමට අදාළ අනෙකුත් තොරතුරු පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

Related articles

spot_img
error: Content is protected !!