30.9 C
Galle

ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි

Published:

අද (19) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 6.3ක් ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 112ක පිරිවැටුමක් වාර්තා කරමින් දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 13,298ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 680ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 125ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,059ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම මිලියන 112
  • සම්පත් බැංකුව මිලියන 109
  • හැටන් නැෂනල් බැංකුව මිලියන 58

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 6.3
  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 3.3
  • මුලර්ස් සමාගම කොටස් මිලියන 2.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කර්නර් හෝස් ආර් සමාගම 200%
  • පෙගසස් හොටෙල් සමාගම 14%
  • මුලර්ස් සමාගම 08%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 495
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 326

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 28 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 67ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 39ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 04
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 0
  • වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 37
  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 16
  • වින්ඩ් ෆෝස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!