අද (20) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සම්පත් බැංකුව දිනයේ වැඩිම පිරිවැටුම ලෙස කොටස් මිලියන 1.1ක් ගනුදෙනු වෙමින් සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 154ක් වාර්තා කරමින් පළමු ස්ථානයට පත්ව ඇත.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 11,185ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 794ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 75ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 19,983ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 154
- මෙල්ස්ටා ක්රොප් මිලියන 61
- සී ඒ එල් යූ ෆන්ඩ් සමාගම මිලියන 53
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සී ඒ එල් යූ ෆන්ඩ් සමාගම කොටස් මිලියන 05
- ඉන්ඩස්ට්රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 02
- එස් එම් බී ලීස්න් එක්ස් සමාගම කොටස් මිලියන 02
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කර්නර් හෝස් ආර් සමාගම 33%
- එස් එම් බි ලීසින් එක්ස් සමාගම 33%
- ඉන්ඩස්ට්රියල් ඇස්හෝල්ට් සමාගම 20%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 393
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 325
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 21 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 81ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 60ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 12
- බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඇක්සස් ඉංජිනියරින් රුපියල් මිලියන 44
- නේෂන්ස් ට්රස්ට් බැංකුව රුපියල් මිලියන 18
- රිල් ප්රොපටි සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්ර නාරංගොඩ



