අද (21) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 34.7ක් ගනුදෙනු වූ ෆෝට්රස් රිසෝට් සමාගමේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 730ක් බවට වාර්තා විය.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 11,511ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1457ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 56ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 19,927ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ෆෝට්රස් රිසෝට් මිලියන 730
- කොමර්ෂල් බැංකුව මිලියන 87
- සම්පත් බැංකුව මිලියන 74
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ෆෝට්රස් රිසෝට් සමාගම කොටස් මිලියන 34
- ඉන්ඩස්ට්රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 06
- බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 03
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කර්නර් හෝස් ආර් සමාගම 50%
- බේරුවල රිසෝට් සමාගම 08%
- ටෙස් ඇග්රො එක්ස් සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 393
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 324
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 47 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 48ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 16
- සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 08
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 07
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 33
- ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 04
- කොමර්ෂල් බැංකුව එක්ස් රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්ර නාරංගොඩ



