28.3 C
Galle

අපේක්ෂා රෝහලේ දී කොරෝනා මරණයක්

Published:

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි ළමයකුගේ මරණය ඇතුළු කොරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ අද (22) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිල දැනුම් දීමක් කර ඇත.

මියගිය 15 හැවිරිදි ළමයාගේ මරණය අද සිදුව ඇත. උග්‍ර ලියුකේමියා තත්ත්වය සමඟ කොරෝනා නිව්මෝනියා ත්තත්වය සහ ලේ විෂවීම මරණයට හේතුව ලෙස දක්වා තිබේ.

කොළඹ 07 පදිංචි වයස අවුරුද 72ක කාන්තාවක් පසුගිය 20 ැනි දා නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

මෙම මරණ දෙකත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!