28.3 C
Galle

පල්ලියේ යාච්ඥාවට ගිය 50ක් නිරෝධායනයට

Published:

ගම්පොළ නගරයේ පල්ලියක යාච්ඥා කිරීමට ගිය 50ක පිරිසක් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම පිරිස අතරින් කොරෝනා ආසාදිතයකු වාර්තාවීම හේතුවෙන් එම පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් මුඛ ආවරණ පවා නොමැතිව යාච්ඥා කළ බවට තොරතුරු ලැබී ඇති බවයි.

ගම්පොළ සිට නාවලපිටිය දක්වා දිවෙන මාර්ගය දෙපස සිටින පිරිසක් මෙලෙස නිරෝධායනයට ලක්කර තිබේ. කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් මෙම පල්ලියේ යාච්ඥාවන් සඳහා 25 දෙනකුට වඩා සහභාගී කර නොගන්නා ලෙස උපදෙස් දී තිබූ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!