30 C
Galle

දකුණෙන් ආසාදිතයන් 47ක්. වැඩිම මාතරින්

Published:

දකුණු පළාතෙන් ඊයේ (23) කොරෝනා ආසාදිතයන් 47 දෙනකු වාර්තා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

මෙම ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 28කි. ඔවුන් දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 10 දෙනෙක්, වැපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධෘරී කොට්ඨාසයෙන් 10 දෙනෙක්, දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 07 දෙනෙක් සහ හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 01 ආසාදිතයෙක් වශයෙන් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන 18ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 07කි. බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 05ක් සහ ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03 දෙනෙක් ද වාර්තා වී තිබේ. ගාල්ල නාගරික, ඉමදුව සහ රත්ගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසවලින් ද ආසාදිතයන් එක් ආසාදිතයකු බැගින් වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයකු වන අතර එම ආසාදිත තැනැත්තා හමුවී ඇත්තේ තංගල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

මේ අනුව දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 760ක් දක්වා ඉහළ ගොස් ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 432 ක් මාතර දිස්ත්‍රික්කයෙන් 266ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 62ක් ලෙස එම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!