30 C
Galle

කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කරයි

Published:

රටපුරා පිහිටි සියලුම කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කරන්න යැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා සිටියේ නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

තවත් පැය කිහිපයකින් උදාවන නත්තල හේතුවෙන් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් ලෙස මෙම උපදෙස් නිකුත් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!