28.1 C
Galle

පලායමින් සිටි ආසාදිතයන් 04 දෙනෙක් අත්අඩංගුවට

Published:

තමන් කොරෝනා ආසාදිතයන් බව දැනගත් වහාම පලායමින් සිටි පුද්ගලයන් 04 දෙනකු හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මීගමුව ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිසිය පවසයි.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මීගමුවේ ඉදිවෙමින් පවතින හෝටලයක සේවය කරමින් සිටිය දී පීසීආර් පරීක්ෂණයකට පසුගිය 21 වැනි දා යොමුකර තිබිණි. ඔවුන් අතරින් සිව් දෙනකු ආසාදිත බව තහවුරු වී ඇති අතර එ් බව හෝටල් කළමනාකාරීත්වය දැනුම් දී ඔවුන් රැගෙන යාමට එනවිට එම සිව්දෙනා පලාගොස් ඇතිබව හෙළිවිය.

පසුව සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකින් එම සිව්දෙනා හලාවත කොළඹ මාර්ගයේ රැඳී සිටිය දී සොයාගෙන ඇත.   

පසුව සෞඛ්‍ය අංශ බලධාරින්, පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම ආසාදිතයින් සොයාගැනීමට හැකිවිය.

Related articles

spot_img
error: Content is protected !!