28.1 C
Galle

කරාපිටියේ සතියක් නේවාසිකව සිටි රෝගියකුට කොරෝනා

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ 12 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු කොරෝනා ආසාදනය වී ඇතැයි අද (24) මිට සුළු වේලාවකට පෙර තහවුරු වී ඇත.

12 වැනි වාට්ටුව කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයයි. එම පුද්ගලයා වාට්ටුවේ සතියක පමණ කාලක් නේවාසිකව සිටි බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා සැක සහිත රෝගීන් සඳහා වෙන්කර ඇති 36 වාට්ටුවට ඔහු ඉක්මණින් මාරුකර වෙනත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අංශ පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!