31.6 C
Galle

කුරුල්ලන් මියයාමට හේතු සොයයි

Published:

විශේෂ කිහිපයකට අයත් කුරුල්ලන් රැසක් වනාතවිල්ලුව, එළුවන්කුලම ප්‍රදේශයේ වෙල්යායක මැරී සිටිය දී සොයාගත් බව වනජීවී කාර්යාලය පවසයි.

බුෂ්ලාක් නමින් හඳුන්වන කුරුල්ලන්, වී කුරුල්ලන් කිහිප දෙනකු හා පරවියෙක් ඇතුළු කුරුල්ලන් 150කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස මියගොස් සිටිය දී සොයාගත් බව වනජීවී නිලධාරීන් කියයි. කුරුල්ලන් මියගොස් ඇත්තේ යම් විෂයක් ශරීරගතවීම හේතුවෙන් හෝ වෙනයම් කරුණක් හේතුවෙන් දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන බව වනාතවිල්ලුව වන ජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර එම්.පී.එල්.මාරසිංහ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!