28.8 C
Galle

අලුත්ගම විවාහ උත්සවයක 26කට කොරෝනා

Published:

අලුත්ගම පැවැති විවාහ උත්සවයකට සහභාගී වූ 26 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පයාගල පොතුවිල පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔහු ආගිය තැන් සොයා බැලීමේ දී මෙම විවාහ උත්සවය පිළිබඳ තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව එම උත්සවයට සහභාගී වූ සියලු දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර තිබිණි. උත්සව ශාලාවේ සේවකයන් දෙදෙනකු සහ තවත් 24 දෙනකු කොරෝනා ආසාදිතයන් බව සොයා ගෙන ඇත.

මේ හේතුවෙන් එම උත්සව ශාලාව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!