26.5 C
Galle

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කරයි

Published:

මාවනැල්ල  හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන  සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට  මේ වන විට  පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.

යුද හමුදා භටයෝ මෙන්ම පොලිස් නිලධාරිහුද එහි රැදී  සිටිති. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරමිභ කර ඇත.

දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියේ විදුරුවක් බිඳී ඇතැයි  පොලීසියට  ලද තොරතුරු අනුව හිගුල හා මාවනැල්ල නගරයට මෙම ආරක්ෂාව සපයා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!