32.2 C
Galle

යළි වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Published:

කොරෝනා ආසාදතියන් 597ක් ඊයේ (31) දිනයේ දී මෙරටින් හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 256ක් වර්තා වන්න් කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊට අමරතව මඩකලපුවෙන් ආසාදිතයින් 63ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන්62ක් වාර්තා වී ඇති බවය. ආසාදිතයින් 211ක් අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් තිදෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර, තවත් දෙදෙනෙක් විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් අතරට මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 47 දෙනෙකු සිටී.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 50ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 36ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 34ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 33ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 20ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 13ක් ලෙස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

ගාල්ල, කුරුණෑගල, යාපනය, පුත්තලම, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටින් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 42,299 ක් වන අතර ඉන් 35,329 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related articles

error: Content is protected !!