26.4 C
Galle

පිරිසිදුකාරක ලියාපදිංචියට ගැසට් පත්‍රයක් එයි

Published:

පිරිසිදුකාරක මෙරටට ගෙන්වන්නන්, නිෂ්පාදකයන්, බෙ‍දාහරින්නන් සහ වෙළෙන්දන් ජාතික ඖෂධ නියාමන අධිකරියේ ලියාපදිංචි ය අනිවාර්යය කිරීමේ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක විසින් එම අති විශේෂ  ගැසට් පත්‍රය 2010 දෙසැම්බර් 31 දිනැතිව අංක 2208/27 ලෙස නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ 203 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත අනුව පිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, වෙළෙන්දන් විසින් එම ද්‍රව්‍ය ජාතික ‍ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්‍යය බවයි.

මෙලෙස ලියාපදිංචි කරනු ලබන පිරිසිදුකාරක දව්‍යවල අදාළ අංක පැහැදිලිව පෙනෙන අයුරින් සඳහන් කිරීම පෙබරවාරි මස 01 දා සිටි බලපැවැත්වෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!