26.7 C
Galle

කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 557 දෙනකු ඊයේ (01) වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43,856ක් දක්වා ඉහළ ගොස් තිබේ

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ ඒ අනුව මිනුවන්ගොඩ පෑළියගොඩ පොකුර ආශ්‍රිත ආසාදිතයන් සංඛ්‍යාව 40,000 සීමාව ඉක්මවා ගිය බවයි. එම සඛයාව මේ වනවිට 40,126ක් ලෙස වාර්තා වී ඇත.

ඊයේ (01) විශේෂත්වය වන්නේ මෙතෙක් එක් දිනක දී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය වැඩිම සංඛ්‍යාව වාර්තවීමයි. එම සංඛ්‍යාව 826 දෙනෙකි. මේ අනුව ආසාදිත බවට පත්වූ පුද්ගලයන්ගෙන් 36,155ක් සුවය ලබා ඇත.

ඊයේ දිනයේ දී වාර්තා වූ රෝගීන් අතරින් 192ක් ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 127කි.

Related articles

spot_img
error: Content is protected !!