26.7 C
Galle

මගුල් ගෙදර කොරෝනා පොකුර ප්‍රදේශ කිහිපයකට විහිදෙයි

Published:

අලුත්ගම මංගල උත්සවය හේතුවෙන් කොරෝනා පොකුරක් නිරිමාණය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය දෙසැම්බර් 16 වැනි දා පැවැති මෙම මංගල උත්සවයට සහභාගී වූ අයෙකු කෙරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීමමෙන් පසු දෙසැම්බර් 21 කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් මනාලිය ඇතුළු 31 දෙනකු ආසාදිත බව හඳුනාගන්නා ලදී.

ඉන් පසු පෙරේදා (31) කරන ලද පරීක්ෂණවලින් තවත් 21 දෙනකු හඳුනාගෙන තිබේ. මීට අමතරව ‍කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බලප්‍රදේශයේ පදිංචි මෙම මංගල්‍යයට සහභාගී වූ 06 දෙනකු ද ආසාදිත බව තහවුරු වී ඇත. ඊට අමතරව එම උත්සවයට ම පැමිණි මොරවක, දෙනියාය, කළවාන ප්‍රදේශවල පිංචිකරුවන් කිහිප දෙනෙකු ද ආසාදිත වූ බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!