26.7 C
Galle

පෑළියගොඩ යළි කොරෝනා ආසාදිතයෝ

Published:

පෑළියගෙඩ නව මැනිං වෙළෙඳපොළේ සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 07 දෙනකු සොයාගත් බව පෑළියගොඩ නගර සීමාව භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එච්.ජී.චින්තක පවසයි. එම පිරිස හමුවී ඇත්තේ වෙළෙඳ සැල් හිමියින්, සේවකයන් හා පාරිභෝගිකයන් 112කට කරන ලද පරීක්ෂණවලිනි.

මෙම ආසාදිතයන් 07 දෙනාගේ ආශ්‍රියන් නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන් රෝහලගත කිරීම අද ((02) සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!