26.7 C
Galle

ස්ථානාධිපතිට කොරෝනා නිසා තැපැල් කාර්යාලය වසා දමයි

Published:

බොරැල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව තැපැල්පතිවරයා පවසයි.

තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමෙන් පසු ලබන සඳුදා (04) නැවත සාමාන්‍ය රාජකාරී ආර්මභ කිරීමට නියමිතය. තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කරන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවක ලිපි බෙදාහැරීමේ කටයුතුවල ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

තැපැල් සේවකයින් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකිරීම හේතුවෙන් සිදුවන තැපැල් සේවකයින්ගේ හිඟය මෙම තත්ත්වයට බලපා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!