26.1 C
Galle

අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය පේරාදෙණියෙන් හමුවෙයි

Published:

මාවනැල්ලේ හිඟුල ප්‍රදේශයේන අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය පේරාදෙණිය ප්‍රදේශයේන සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ එම පුපුරණ ද්‍රව්‍ය පේරොදෙණිය තලවත්ත ප්‍රදේශයෙන් සොයාගත් බවයි. එය සොයාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසිනි. මෙම සිද්ධියට සැකපිට ගල් කොරියේ සේවකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

නි‍යෝජ්‍ය පොලිසපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එම පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන වෙනත් ගල්කොරි පවත්වාගෙන යන අයට අළෙවිකර ඇතැයි ද ඔහු පවසයි.  

Related articles

spot_img
error: Content is protected !!